Torrent වල යෙදෙන යෙදුම් (terms) ගැන හරියටම දන්නවද?


අද පොස්ට් එකෙන් කියවෙන්නේ ටොරන්ට් ෆයිල් එකක් කියන්නේ මොකක්ද ඒවගේ තියෙන යෙදුම් වලට තියෙන වැදගත්කම් වගේ දේවල්. හරි එහෙනම් පහලින් බලන්න.
  • Availability - torrent එක ඩවුන්ලෝඩ් කරන කෙනාට අදාළ ෆයිල් එකේ කොපමණ සම්පුර්ණ කොපි ගණනක් download කරගැනීමට තිබේද (කෙටියෙන් කියනවනම් අදාළ ෆයිල් කී දෙනෙක් ලග තියෙද කියන එක)
  • Choked - මේ කියන්නේ seed කරන කෙනා අදාළ ෆයිල් ලබාදීම ප්‍රතික්ෂේප කරන කෙනා. ඒ කියන්නේ peer.
  • Client - BitTorrent protocol එක හරහා peer-to-peer file sharing පහසුකම ලබාදෙන වැඩසටහනක්
  • Downloader - මේ කියන්නේ peer කෙනෙක්. ඔහු සතුව මුළු ෆයිල් එකම නෑ. තවමත් ඩවුන්ලෝඩ් වෙන ගමන් තමයි තියෙන්නේ. downloading කියන එකට තමා leech කරනවා කියන්නේ.
  • Fake - ටොරන්ට් එකේ කියලා තියෙන දේ නැත්තම් එකට කියන්නේ ෆේක් කියලයි.
  • FreeLeech - මේකෙන් කියන්නේ ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරාට overall ratio එකට එක ගණන් ගන්නේ නෑ කියලයි. අපි අප්ලෝඩ් කරපු (seed) ප්‍රමාණය විතරයි overall ratio එකට ගණන් ගැනෙන්නේ.
  • Grab - ටොරන්ට් එකක metadata ෆයිල් ඩවුන්ලෝඩ් උනාම ටොරන්ට් එක ලබාගැනීම තමා මේකෙන් කියන්නේ
  • Hash - මේක කෙටි යෙදුමක්. හරියට කියනවනම් කියන්නේ hashsum කියලයි. මේකෙන් කරන්නේ client සොෆ්ට්වෙයා එක අදාළ දත්ත හුවමාරැ වී ඇති බව තහවුරු කරන එකයි.
  • Health - මේක තියෙන්නේ බාර් එකක පෙන්වලා කොළ පාටට. මේකෙන් කියන්නේ අදාළ ෆයිල් වල සියලුම කොටස් තියෙනවාද කියන එක තමයි. (ටොරන්ට් වල අදාළ ගොනුවේ කොටස් මිලියන ගණනක් පරිගණක තුල විසිරි තියෙන්න පුළුවන්).
  • Hit-and-run - මේකෙන් කියන්නේ ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කලාට පස්සේ seed නොකර යනවා කියන එක.
  • Index - කියන්නේ ටොරන්ට් ගොනුවල එකතුවක්. tpb, kickass කියන්නේ ටොරන්ට් index කරන සයිට්.
  • Leech - මේකෙන් කියන්නේ ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරන ගැනීම.මේකටම තමා peer කියන්නෙත්. (Downloader යන අරුතෙන්). මේකට තව තේරුමක් තියෙනවා. එක තමා seed නොකර පලා යන්නා කියන එක. ඒ කියන්නේ අප්ලෝඩ් නොකර පත ප්‍රමාණයක් බෑම)
  • Piece - මේ කියන්නේ අදාළ ගොනුවේ කෑල්ලක්. කියන එක.
  • Ratio credit - මේක භාවිතා වෙන්නේ private trackers ලගේ. හරියට IPtorrents වගේ. මේවගේ සයිට් වල ඉන්නවනම් ඩවුන්ලෝඩ් කරනවා වගේම අප්ලෝඩ් කරන්න්නත් ඕන. අප්ලෝඩ් කරන කොට Ratio credit ලැබෙනවා. මේක මුදල් ඒකකයක්. ( currency system)
  • Scraping - client tracker ගෙන් ටොරන්ට් එක ගැන විස්තර ගැනීම.
  • Seed - බාගත කරපු ටොරන්ට් එකක් අප්ලෝඩ් කිරීම. / බාන ගමන් අප්ලෝඩ් කිරීම. (seeder - අප්ලෝඩ් කරන්නා). මේක මත තමයි මුළු ටොරෙන්ට් රාජධානියම පවතින්නේ. සාමාන්‍යයෙන් සිරිත තමා බාන ගානට වඩා අප් කිරීම.
  • Share ratio (Ratio) - අප්ලෝඩ් කරපු ප්‍රමාණය ඩවුන්ලෝඩ් කරපු ප්‍රමාණයෙන් බෙදුවාම එන අගය. සාමාන්‍යයෙන් මේක 1.0 හෝ ඊට වැඩි වෙන්න ඕන. ටොරන්ට් ඩවුන්ලෝඩ් ස්පීඩ් එකටත් මේක බලපානවා. ගොඩක් private torrent sites වල මේක 1.0 ට වඩා අඩුනම් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නෑ. ලිමිට් හෝ ban කරනවා.
  • Super-seeding - අලුත් ටොරන්ට් ෆයිල් වේගයෙන් බෙදා හරින්න ගන්න ක්‍රමයක්. මේකෙන් එකම කොටස නැවත නැවත අප්ලෝඩ් කිරීම සිමා කරනවා.
  • Swarm - ඔක්කොම seeds/peers එකට අරගත්තාම ටොරන්ට් එකේ swam එක ලැබෙනවා. (ඒ කියන්නේ seeds = 2 peers = 3, swam = 5)
  • Torrent - meta data අඩංගු .torrent ගොනුවක්. (සරලවම කියනවනම් විස්තර අඩංගු)
  • Tracker - tracker කරන්නේ මොන මොන pees ලා seeders ලා හදුනාගැනීම, ලුහුබැදීම (tracking). සෑම client එකක්ම එහි ඇති ටොරන්ට් ගැන විස්තර tracker ට යවනවා. tracker ඒවා අනිත් client වලටත් යවනවා. ඒ කියන්නේ tracker කියන්නේ seeds ලා හා leechers ලා ගැන විස්තර බෙදා හරින කෙනෙක්) මෙයාලා ප්‍රධාන වර්ග 2යි. Private හා Open ලෙස. Private කියන්නේ සීමිත අවසරලත් පිරිසිකට විස්තර ලබාදෙන අය. Open කියන්නේ හැමෝටම නොමිලේ විස්තර දෙන අය.
උපුටා ගැනීම - ෆේස්බුක්

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger