දුරකථනයේ හැ‍ඳුනුම්පත් අංකය ( IMEI )

 http://www.ukmobilephonenetworks.com/Site%20Pics/Three%20Mobile%20Phone%20Deals.jpg

අදත් අවා ,ඔයාලව මුන් ගැහෙන්න, දන්නේ නාට්ග්හි අයට ලිපියක් අරගෙන ආව, හැබැයි දන්නා ය හිනා වෙන්න නම් එපෝ , ජංගම දුරකථනයක ඇති IMEI අංකය ගැන ඔබ තවමත් දැනුවත් වී නැති ද? ඒ පිළිබඳව දැනගැනීමෙන් ඔබට ලබා ගත හැකිවාසි රැසකි. මේ ඒ පිළිබඳව වූ සටහනකි.
දුරකථනයක IMEI අංකය යනු කුමක්ද?

GSM,WCDMA හා DEN යනාදී මාදිලීන්ගේ ජංගම දුරකථනවලට නිකුත් කෙරෙන අනන්‍යතා අංකය IMEI අංකයයි.චන්ද්‍රිකා දුරකථන වලට ද මෙවැනි අංකයක් ඇත. ලොව කිසිදු ජංගම දුරකථන දෙකකට මෙවැනි එකම IMEI අංකයක් නොපවතියි. එසේම එකම ජංගම දුරකථනයට එවැනි IMEI අංක දෙකක් ද නොපවතියි. එබැවින් මෙය ජංගම දුරකථන සඳහාම අනන්‍ය වූ හැඳුනුම්පත් අංකයක් වැනිය. IMEI අංකය දුරකථනයේ බැටරියට පිටුපසින් ඇති කොටසේ සඳහන් වේ. මෙය සුදු පැහැති ලේබලයක් ලෙස මුද්‍රණය කර අලවා තිබේ.

ඔබට මෙය දැනගැනීමට හැක්කේ ඔබේ ජංගම දුරකථනයේ *#06# යන Key එබීමෙනි.එවිට තිරය මත IMEI අංකය සටහන් වේ. මෙය ඉලක්කම් 15 ක් සහිත අංකයකි. ඇතැම් විටෙක මෙහි 17 ක් ද තිබිය හැකිය.


image 

IMEI අංකය දැන ගැනීමේ වැදගත්කම කුමක්ද

IMEI අංකය ඔබ දැන සිටීම අත්‍යවශ්‍ය කරුණකි. ඔබේ දුරකථනය නැතිවුවහොත් හෝ සොරකම් කරනු ලැබුවහොත් IMEI අංකය දැන සිටීම ඉතා වැදගත්ය. එම අංකය දුරකථන සේවා සපයන ආයතනයට දැනුම් දීමෙන් පසුව එම දුරකථනය යළි
භාවිතයට
ගැනීම වැලැක්වීමට ඔවුන් කටයුතු කරනු ඇත. මේ නිසා දුරකථනය නැතිවුවහොත් ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමේදී
IMEI අංකය දැන සිටීම අවශ්‍ය වේ. එසේම දුරකථනයට අගුළු වැටුණු විට එය විවෘත කිරීමටද IMEI අංකය වැදගත් වේ. එසේම
ඔබේ දුරකථනය ව්‍යාජ එකක් ද, නැද්ද යන්න දැන ගැනීමට ද මෙම IMEI අංකය වැදගත්ය.
http://imei-number.com/wp-content/uploads/2010/09/imei_in_phone.png
ඔබේ දුරකථනය ව්‍යාජ එකක් දැයි දැනගන්නේ කෙසේද?

තම දුරකථනයේ නිවැරදි IMEI අංකය දැන ගැනීමෙන් පසු එම දුරකථනය සැබෑ ද, ව්‍යාජ ද යන්න ඔබට හඳුනාගත හැකි වෙබ් අඩවියක් ඇත. http://www.numberingplans.com/?page=analysis&sub=imeinr යන්න එම වෙබ් අඩවියේ ලිපිනයයි. ඔබේ IMEI අංකය මේ වෙබ් අඩවියට ලබා දුන් විට ඊට අදාල මූලික තොරතුරු එමගින් ලබාගෙන ඔබේ දුරකථනයේ වලංගු භාවය දැනගත හැකිය. වර්තමානය වන විට අන්තර්ජාතිකව පිළිගත් IMEI අංක නොමැති දුරකථන තහනම් කිරීමට ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් කටයුතු යොදා ඇත. ඉන්දියාව තුළ පමණක් IMEI අංක නොමැති චීන දුරකථන මිලියන 25 කට වඩා භාවිතා වන බව වාර්තා වෙයි. එරට සිදුවූ මුම්බායි ප‍්‍රහාරයෙන් පසු රාජ්‍ය ඔත්තු සේවා ඉන්දීය රජයට දැනුම් දී තිබුනේ එම ප‍්‍රහාරයට සහභාගී වූ අය IMEI අංක රහිත දුරකථන භාවිතා කර තිබූ බැවින් පර්යේෂණ කටයුතු අවුල් වී ඇති බවකි. මේ නිසා රාජ්‍ය ආරක්‍ෂාවට ඇති තර්ජනය සලකා ඉන්දියාව විසින් පසුගිය සමයේදී IMEI අංක රහිත දුරකථන තහනම් කරන ලදී. මේ අනුව සලකා බැලීමේදී දුරකථනයක භාවිතා වන IMEI අංකය වු කලී අතිශය වැදගත් දෙයක් බව පැහැදිලිය… එහෙනම් මම ගියා, අපහු හම්බෙමු 

Source - ( සිංහලHelp )

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger