Bluestack නොමැතිව පරිගණකයට Android OS එක දාමු ( Remix OS )


ඔන්න අද කියන්න යන්නේ Remix OS ගැන.. නිවාඩුවක් සෙට්
වුනා. Post එකක් දාන්න ඕනි කියලා හිතුනා.
දන්නවද මේ මොකක්ද කියලා. 



දන්න අය ඇති. මෙහෙමයි කතාව. මේක Android-x86 ගැන අහලා ඇති. මන්
දැක්කා කිරියේ ත්‍රෙඩ් එකකුත් PC එකට android දාන විදිය (dual boot)කියලා තියෙනවා
මේ Remix OS කියන්නේ Android-based operating system

එකක්.(පෙන් එකෙන් run කරන්න පුලුවන්) මේක හරියට
Android experience එක PC එකේ ලැබෙනවා වගේ සහ
PC experience එක Android එකේ ලැබෙනවා වගේ, දෙකම එකම තැනකින්
ගන්න පුළුවන් දෙයක්. පින්තුරයක් බලලා ඉන්න එතකොට තේරෙයි වැඩේ 


ආසයි නේ.. මේකේ features ටිකක් කියනවා නම් මෙහෙමයි 

Multiple Windows
Resizable Windows
Minimize / Maximize
Start Menu
System Tray
Key board Shortcuts
Mouse right click
The world’s most advanced File Manager on Android
Drag and Drop
External Drive Support
Compatible with Office
Endless possibilities with Google Play
Updates

ඔන්න ඕවා. දැන් ජාතකේ කිව්වා ඇති අපි මේක දාලා බලමු.
මේකේ Release වුනේ 12/01/2016 
හැබැයි පුතෝ මේක Alpha version එකක්. Remix OS 2.0
Bug එකක් දෙකක් ගණන් ගන්නේ නැති උන්ට තමයි මේක.
කෑ ගහන්න නම් එපා දාලා ඉවරවෙලා. 

Minimum system requirements

A USB 3.0 flash drive that supports FAT32 format,
with a minimum capacity of 8GB and a
recommended writing speed of 20MB/s.
A PC with USB legacy boot option.

හරි දැන් මෙතනට ගිහින් බාගන්න ළමායි... 

Remix OS for PC(Developer version)
Version: 2016011201
Release Date: 2015-01-12
Size: 692.15 MB
Remix_OS_for_PC_64_B2016011201_Alpha.zip 

Backup link




හරි නේ දැන් බාගත්තා නම්. Extract කරගන්න. Pen Drive එකකුත් හොයා ගන්න. 
මේක පෙන් එකෙන් Boot කරන්න තමයි යන්නේ. Chrome OS දානවා වගේ.



දැන් extract කරාම Remix OS Usb Tool එක run කරන්න 
remixos-usb-tool-B2016011102.exe

දැන් Browse ගිහින් iso ඉමේජ් එක තෝරලා දෙන්න 
Remix_OS_for_PC_64_B2016011201_Alpha.iso



දැන් ඉන්න එයා. එයාගේ වැඩ ඉවරකරගන්න කම්. 



දැන් මැෂින් එකේ Restart කරන්න.
මාත් මේ දාන ගමන් කියන්නේ. Restart කරලා දාලා. එන්නම්. 

----------------------------------

හරි දැන් F2/Esc/F10/F12 ගහලා Usb drive එක boot වෙන්න දෙන්න.
(නැත්නම් BIOS ගිහින් Removable device එක Boot order එකේ උඩටම ගන්න)

දැන් මෙන්න මෙහෙම එනවා. බලන්න ට්‍රයි කරන්න ආස අය guest mode
එකෙන් යන්න. පෙන් එකට install කරන අයඅනිත් option එකට යන්න. 




දැන් පුටාලා. ඉවසන්න. එයාට එයාගේ වැඩ කරගන්න දීලා.
පැත්තකට වෙලා ඉන්න. 


ටික වෙලාවක් යනවා. ඉවසන්න.. මන් use කරේ usb 2.0
,4GB pen එකක්. ඒකයි Slow. එයාලා කියන්නේ 8 GB, usb
3.0,3.1 එකක් ගන්නවා නම් හොදයි කියලා.




දැන් මෙන්න මෙහෙම startup setup එක එයි.



Wifi එහෙම තියෙන එව්වා Add කරගන්න.

හරි ඉතින්. ඔන්න ඔච්චරයි කතන්දරේ.
මේක ඉතින් Chrome OS වගේම තමයි එත් ඊට වඩා හොදයි.

මගේ Screenshot ටිකක්




Known issues


සිංහල වැඩ නැහැ පුතෝ 
Playstore තාම නැහැ alpha version නිසා
but apk install කරන්න පුළුවන් 
3rd party Launcher වැඩ නැහැ 
Accounts add කරන්න බැහැ

තව bugs සෙට් වුනොත් කියන්න අපිටත්.
දානකොට ප්‍රශ්න එනවා නම් කියන්න.
හෙල්ප් එකක් දෙන්නම්.
මේක Lollipop based. ලගදීම
Android 6.0 Marshmallow update එක දෙනවලු.. 

උපුටා ගැනීම http://www.elakiri.com/forum/showthread.php?t=1720847

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger