Google සිංහල පරිවර්තනය

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj9rj49-vY7CQBwxdfO3wn6gtjb5I5Ta-5vhceKGQNKd8M_Nd05ncl6EzXzxxFivNPbawfLBxxd2uJ4-c9MPWu4GvJ9vdpGEMmNX1k7Xc50a8vnl6e5PqYoeQ1O_7AVW5vs1CA_wbCujUqG/s640/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD+%E0%B6%9C%E0%B7%96%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+Google+in+sinhala.jpg

හැමදාම මම ඔයාලට උදවු කරනවා කියලා ඔයාලා දන්නවා ඇතිනේ, අද මම ඔයාලගේ පුන්චි උදවුවක් ඉල්ලනවා හැබැයි මට නෙමේ අපේ රට වෙනුවෙන් හොදේ, මේකේන් ඉංග්‍රීසි නොදන්නා අයට අපේ භාෂාවට හරවගන්න Google Adsense වගේ ගොඩක් ඒවා ලංකාවට ගන්න පුළුවන් වෙයි ලගදීම.

Google Translator කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්. ඒත් මේ වෙනකම් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translator සහාය දැක්වූයේ නැහැ. ඉතින් දැනට Google සමාගම විසින් ඒ සඳහා මූලික අඩිතාලම් දමමිනුයි සිටින්නේ.

ඒ අනුව අදින් ඇරඹෙන සතිය Sinhala Translate Week නමින් නම්කර සිංහල භාෂා පරිවර්ථනය සඳහා වැඩි අවධානයක් ලබාදෙන්නට Google සමාගමේ නියෝජිතයින් කටයුතු කරලා. මෑතක දී එක්කාසු වුනු Google Translate Community එක සමඟ එකතු වෙලා භාෂා පරිවර්ථන කාර්යයට වැඩි පිරිසකගේ දායකත්වය ලබාගැනීමටයි Google බලාපොරොත්තු වන්නේ. එ මඟින් කෙටි කාලයකින්ම සිංහල භාෂාවත් Google Translator වෙත එකතු කිරීමට හැකියාව ලැබෙනු ඇති.

Google Translator වෙත සිංහල හඳුන්වාදීම වෙනුවෙන් දායක වීමට ඔබත් කැමති නම්, මේ අවස්ථාව ඔබටයි. ඒ සඳහාමෙතැනින් Google Translator Community වෙත පිවිසිලා අන්තර්ජාලය භාවිත කරන මිලියන ගණනක් සිංහල භාවිතකරන්නන්ගේ සේවය වෙනුවෙන් ඔබටත් දායකවන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි. තෑගි දිනාගන්නත් අවස්ථාව තියෙනවා.
මෙන්න එහෙනම් ඔය සයිට් එකට කෙලින්ම ගොහිල්ලා සිංහල භාශාවඅන්තර්ජාලයේ ප්‍රදර්ශය කරන්න ඔයාලා දන්න වචන තියෙනවනම් ඕකට දෙන්න. Google Sinhala Translate Site   

ඔයාලටත් සිංහල Type කරන්න හදපු Google input මෙතනින් ගන්න.. Download Google Input Sinhala Version 
එහෙනම් මම ගියා අපහු හම්බවෙමු.

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger