ලොව කුඩාම මෙහෙයුම් පද්දතිය


http://atcoitec.com/wp-content/uploads/2013/08/KolibriOS.png

අද මම ඔයාලට කියල දෙන්න යන්නේ 5MB තරම් කුඩා මෙහෙයුම් පද්දතියක් ඔයාලගේ පෙන් ඩ්‍රයිව් එකට දාගන්න හැටි.ඉතින් අදකාලේ හැටියට 5MB කියන්නේ ඉතා කුඩා ෆයිල් සයිස් එකක්.මේවගේ ෆයිල් සයිස් එකක මෙහෙයුම් පද්දතියක් ඔයාලගේ පෙන් එකට දාගන්න තියනවනම් කොච්චර දෙයක්ද. KolibriOS කියන්නේ ඉතා කුඩා ඒ වගේම ගොඩක් බලවත් මෙහෙයුම් පද්දතියක්.ඇත්තට මේක ධාවනය කරන්න අවශ්‍ය වෙන්නේ 8MB වගේ කුඩා රැම් මතකයක් පමණයි.මේක කුඩා විතරක් නෙවෙයි ඔයාලට අවශ්‍ය DOC එකක් එඩිට් කරගන්න සින්දු අහන්න වීඩියෝ නරබන්න අන්තර්ජාලයේ සැරිසරන්න වගේ ගොඩක් පහසුකම් තියනවා.ඒවගේම මේක බූට් වෙන්න යන්නේ තප්පර 10 වඩා අඩු කාලයක් පමණයි. දැන් බලමු කොහොමද මේක පෙන් එකට දාගන්නේ කියල.එකට FAT32 ෆෝමැට් කරපු පෙන් එකක් ඕනේ වෙනවා.මොකද මේක සම්පුර්ණයෙන්ම සහය දක්වන්නේ FAT12/16/32 වලටයි.නමුත් NTFS, ISO9660 and Ext2/3/4 සදහා කියවීමේ පහසුකම් තියනවා.(read-only support) 

 

* මුලින්ම මෙතනට ගිහින් බාගන්න. 

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEinPE9jzbWRBgUeCT2Jwl7gsRw1lSPZ2TQwc7nsNRfz7jdIfPCHekF3TSKxWEPSPhNF0CXS14b4N2dbzMmSBKfc__IbP0-EyFdPa2VLlxhlL6LpMrBslIm0EvrA6nUa7fujP9iZHrGJWtMj/w140-h45-p/bg.gif

                    (click and skip Ad)



 1. KolibriOS එක අන්සිප්(Extract) කරගන්න.

 

 2. අන්සිප්(Extract) කරගත්ත KolibriOS එකේ HD_Load > USB_Boot එකට යන්න. 

 

3. setmbr.exe මගින් MBR ස්ථාපනය කරගන්න.(මෙහි X යනු පෙන් ඩ්‍රයිව් එකයි. setmbr.exe run as administrator Run කරන්න) 

 

4. inst.exe මගින් flash loder එක ස්ථාපනය කරගන්න.(inst.exe run as administrator Run කරන්න) 

 

5. දැන් අන්සිප් කරගත්ත KolibriOS එක පෙන් එකට කොපි කරගන්න. 

 

6. දැන් පෙන් එකෙන් පරිගණකය බූට් කරන්න

Tread Made By Akila

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger