ලොවටම අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දෙන පළමු බැලූනය ලංකා අහසේ | Google Loon Project


සමස්ත ශ්‍රීලංකා ආවරණය කරමින් අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන Google Loon ව්‍යාපෘතියේ අත්හදා බැලීම් මේවන විට ආරම්භ වී තිබේ. ඒ අනුව ඨදදටකැ ඛදදබ පළමු බැලූනය ශ්‍රීලංකා ගුවන් කලාපයට අද සඳුදා උදෑසන පිවිසුණු බව ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ප‍්‍රධානී මුහුන්තන් කන්ගන් BBC යට ප්‍රකාශ කළේය.

පළමු බැලූනය අද දකුණ ප‍්‍රදේශයෙන් අපේ ගුවන් කලාපයට පිවිසුණා, දකුණු ඇමරිකාවෙන් තමයි ඒ බැලූනය එවලා, ශ‍්‍රී ලංකාවේ ස්ථාන ගත කර තිබෙන්නෙ.



මේ අනුව ඉදිරි දින කිහිපයේ දී ඉහත කී බැලූන සම්බන්ධ කර ගෙන සිදුවන අත්හදා බැලීම් ආරම්භ වනු ඇති බවයි ඔහු පැවසුවේ.

Google සමාගමේ Google Loon ව්‍යාපෘතිය මගින් අන්තර්ජාල සේවාව සපයන පළමු රට ශ‍්‍රී ලංකාව බවට පත් කරමින් ශ‍්‍රී ලංකා රජය හා ඨදදටකැ සමාගම පසුගිය වසරේ ගිවිසුමකට අත්සන් තැබුණි.

කුලූනු රහිතව සංඥාවන් (WiFi) සහිත බැලූනයක් ගුවනේ සැරිසැරීම මගින් අධිවේගී අන්තර්ජාල (LTE) පහසුකම් සැපයීමයි Google Loon ව්‍යාපෘතියෙන් සිදුවන්නේ.

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger