නොමිලේ වින්ඩෝස් VPS හදන හැටි සිංහලෙන් | Free Windows VPS එකක් හදමු ( මුලසිට )


ගොඩ කාලෙකින් තමා බ්ලොග් එකට පොස්ට් එකක් දාන්න හිතුනේ. හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමා අපි කොහොමද Free VPS එකක් ගන්නේ කියලා. එකට හොදම විසදුම තමා Amazon Web Services, මේකෙන් ඔයාලගේ තනි පුද්ගල වැඩකට අවුරුද්දක් පුරාවට නොමිලේ භාවිත කරන්න පුළුවන්.

කෙටියෙන්ම කිවුවොත් ඔයාලාට පැය 750ක් නොමිලේ හම්බෙනවා. එකියන්නේ 1GB VPS එකක් සෑහෙන කාලයක් තියාගන්න පුළුවන්. එහෙනම් පහලින් බලාගමු හදන විදිය.

1. මුලින්ම Amazon වෙබ් අඩවියට යන්න. (Amazon Web Services) ඉන් පසු  "Try AWS for Free" කියන බටන් එක ඔබන්න.

[​IMG]
2. දැන් සාමාන්‍ය විදියට ඉදිරියටම යන්න. ( සාමාන්‍ය රෙජිස්ටර් විමක වගේ )
ඊමේල් එක විදියට ( Gmail / Yahoo / Outlook ) වගේ පිළිගත් එකක් පාවිච්චි කරන්න.

[​IMG]
- ඊට පස්සේ ඔයවගේ තිරයක් එයි. ඔතනදි ඔයාගේ Debit Card එක දෙන්න. ( රුපියල් 150ක් වගේ මුදලය අයවෙනවා Verify කිරීමකට ) ඔය කැපුන සල්ලි අපහු ගිණුමට බර වෙනවා. 

- ඒවගේ තව ක්‍රමයක් තියෙනවා නෙට් එකේ අතපත ගාපු ය දන්නවා (VVC) නොහොත් Virtual Visa Card ඔය වගේ එකකින් උනත් පහසුවෙන් වැඩේ කරගන්න පුළුවන්.

- දැන්  "Free" support plan කියන එක තෝරලා ඉස්සරහට යන්න.

- දැන් අකවුන්ට් එකේ වැඩේ හරි

දැනුම්දීමයි: සාමන්යෙන් ඔයාලගේ විස්තර Amazon එකෙන් හොයලා බලනවා. එතකොට කොහොමත් පැය 2ක් - 12ක් වගේ අතර කාලයක් ගත වෙනවා.

- ඔයාලගේ Account Verify කරලා ඉවර උනගමන් ඔයාලගේ මේල් එකට දැනුම්දීමක් කරයි.


- දැන් තමා වැඩේට එන්ටර් වෙන්නේ, දැන් අපේ Amazon එකට ලොග් වෙමු, ඊට පස්සේ Services ---> EC2  යන්න.

[​IMG]
- දැන් Launch Intance ක්ලික් කරන්න.

[​IMG]
- දැන් වම පැත්තේ තියෙන Free tier Only කියන එකට Tic එක දාලා කැමති Windows Version එකක් තෝරාගන්න. Windows Server 2008 වඩාත් සුදුසුයි.
[​IMG]
- දැන් t2.micro ( Free Tier Eligible ) එක තෝරලා Review And Launch යන්න.

[​IMG]
- දැන් වැඩේ අහවරයි කියලා හිතාගෙන Launch දෙන්න.

[​IMG]
- ඊට පස්සේ ඔයාලගෙන් Key එකක් බාගන්න අහයි. එතකොට කැමති නමක් දීලා Save කරගන්න.

- දැන් පහල පින්තුරේ වගේ 2/2 Checks ආවට පස්සේ Connect ඔබන්න.
[​IMG]

- ඊට පස්සේ Get Your Details ගිහින් අර Save කරපු File එක තෝරලා Decript කරන්න. එහෙනම් වැඩේ හරි. මේකෙන් වැඩක් ගන්න පුළුවන් අය කමෙන්ට් එකක් දාගෙන යන්න.

මගෙන් අවවාද කිහිපයක්..!!
  1. පෙරේත කමට වවාගෙන කන්න යන්න එපා.
  2. ලොකු ලොකු පොලු තියෙලා අහුවෙන්න එපා ( නීතිමය පැත්තක් තියෙනවා )
  3. නොදන්න කෙනෙක්ට කියලා දෙන්න එතකොට වැඩි වැඩියෙන් ලැබෙයි.
  4. විකුනන්න යන්න එපා මොකද විකුනපු ගමන් අම්ස එක දැනගන්නවා.
  5. මෙතනින් එහාට වෙන දේවල් ගැන වගකීමක් මම ගන්නේ නැහැ හුදෙක්ම අද්‍යාපනය සදහා පමණි 

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger